අප ගැන
About Pattana.lk
පට්ඨාන.lk යනු ශ්‍රී සද්ධර්මයේ අතිශයින්ම ගැඹුරු වූත්, සියුම් වූත් විෂය පථය වන අභිධර්මය පිළිබඳ උනන්දුවක් දක්වන සැදැහැවත් පිරිස උදෙසා නිර්මාණය කරන ලද විද්‍යුත් අවකාශයකි.
අපගේ අරමුණ (Our Mission)
අභිධර්මයේ එන චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යන පරමාර්ථ ධර්මයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා දීමත්, පාලි පට්ඨාන ප්‍රකරණය ඇතුළු ධර්ම ග්‍රන්ථ පහසුවෙන් කියවීමට සහ ඉගෙන ගැනීමට අවශ්‍ය මූලාශ්‍ර එක්රැස් කිරීමත් අපගේ ප්‍රධාන මෙහෙවරයි.
අන්තර්ගතය
මෙහිදී ඔබට අභිධර්මය සම්බන්ධ ගැඹුරු ලිපි, පැන විසඳුම් (Q&A), ධර්ම ග්‍රන්ථ (Library) සහ දෛනික ධර්ම සාකච්ඡා සඳහා අවශ්‍ය වැදගත් කරුණු එකම වහලක් යටදී පරිශීලනය කළ හැකිය. අපගේ සියලුම අන්තර්ගතයන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා නොමිලේ ලබා දෙන ධර්ම දානයකි.
"ධර්ම දානය සියලු දානයන්ට වඩා උතුම් වේ."
අප හා සම්බන්ධ වන්න