පිළිතුර (Answer)

ජීවිතින්ද්‍රිය දෙවැදෑරුම් වේ. ඒ රූපජීවිතෙන්‍ද්‍රිය හා අරූපජීවිතෙන්‍ද්‍රිය ලෙස වේ.

අරූපජීවිතින්ද්‍රිය යනු

  • සිත ද ඒ හා සමග සම්ප්‍රයුක්ත ධර්ම වන චෛතසිකද නැසෙන්නට නොදී අභාවයට යා නොදී පවත්වා ගන්නා වූ, ජීවත් කරවන්නා වූ ශක්තිය ජීවිතෙන්ද්‍රිය වේ.
  • නාමජීවිතෙන්ද්‍රිය යනු ද මෙයටම නමකි.
  • 89 ක් වූ සියලුම සිත්වල (විස්තාර ලෙස 121) යෙදෙන සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයකි.
  • මෙම අරූපජීවිතෙන්‍ද්‍රිය උපක්‍රමයෙන් නැසිය නොහැක. 


රූපජීවිතින්ද්‍රිය යනු

  • කර්මයෙන් හටගත් රූප ධර්ම වේ.
  • ප්‍රතිසන්ධි ක්ෂණයේ හටගත් කර්මජ රූප කලාප සන්තතිය නොනැසී චුතිය දක්වා පවත්වාගෙන යාමට කර්මයෙන් හටගත් රූප ධර්මය.
  • මෙම රූපජීවිතෙන්ද්‍රිය උපක්‍රමයෙන් නැසිය හැක.