✦︎ප්‍රකීර්ණක චෛතසික සය (06) කි.

✦︎මේ චෛතසිකයෝ සය දෙනා 89 වූ සිත් වල සුදුසු පරිදි යෙදේ.

✦︎එනම් යෙදෙන්නා වූ සිත් ද නොදෙන්නා වූ සිත් ද වේ.

✦︎ඒ ඒ සිත් සියල්ල අතුරෙහි විසිර පවත්නා බැවින් ප්‍රකීර්ණක චෛතසික නම් වේ.

කුසල් සිත් සමග යෙදෙන කල්හි 👉 ඒකාන්ත කුසල් ලෙසත්,

අකුසල් සිත් සමග යෙදෙන කල්හි 👉 ඒකාන්ත අකුසල් ලෙසත්,

විපාක ක්‍රියා සිත් සමග යෙදෙන විට 👉 අව්‍යාකෘත ලෙසත් සලකනු ලැබේ.


ප්‍රකීර්ණක චෛතසික හය (06)

  1. විතක්ක
  2. විචාර
  3. අධිමොක්ඛ
  4. විරිය
  5. ප්‍රීති
  6. ඡන්ද