සබ්බ චිත්ත සාධාරණ චෛතසික යනු අසූ නවය (89) ක් වූ සෑම සිතකම යෙදෙන්නා වූ චෛතසික වේ.
- සබ්බ චිත්ත සාධාරණ චෛතසික ගණනින් සත (07) කි.
- මේ චෛතසික හත සෑම සිතක් සමගම සම්ප්‍රයුක්ත ධර්ම ලෙස උපදී. (සිත් 89 / විස්තාර ක්‍රමයෙන් සිත් 121)
සබ්බ චිත්ත සාධාරණ චෛතසික (හත) 07
- ඵස්ස ↪
- වේදනා
- සඤ්ඤා
- චේතනා
- ඒකග්ගතා
- ජීවිතින්ද්‍රිය
- මනසිකාර
මේ එක් එක් චෛතසිකය පිලිබඳ වෙන වෙනම හඳුන්වනු ලැබේ.
(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)