චෛතසික යනු

👉සිතෙහි වූවෝ හෙවත් සිතෙහි යෙදුණෝ චෛතසික වේ

👉සිත සමග පවත්නා සිතෙහි ස්වභාවය දැනගැනීමට උපකාර වන ශක්ති විශේෂයකි.

👉සිතෙහි ගුණ වැනි වූ ක්‍රියා කොටසකි.


චෛතසික වල ලක්ෂණ

  • සිත සමග උපදී 
  • සිත සමග පවතී 
  • සිත සමගම බිඳේ
  • සිත ගන්නා අරමුණම ගනී
  • සිත ඇසුරු කරන වස්තුවම ඇසුරු කරගෙන පවතී

-මෙම ඉහත දැක්වූ ලක්ෂණ, සාරංශ ගත කොට සම්ප්‍රයෝග ලක්ෂණ සතරක් ලෙස දක්වයි. එනම් 

 ◉ ඒකුප්පාද - උප්පාද, ඨිථි, භංග අවස්ථා පෙර පසු නොවී සිත සමගම උපදී.

 ◉ ඒකනිරෝධ - සිතෙහි භංග අවස්ථාවේ චෛතසිකද පෙර පසු නොවී නිරුද්ධව යයි.

 ◉ ඒකාලම්බණ - චිත්තය ගන්නා අරමුණම ගැනීම

 ◉ ඒකවත්ථු - චිත්තය නිශ්‍රය වන වස්තුවම නිශ්‍රය කොට පැවතීම.


- චෛතසික සිතෙන්ද, සිත චෛතසිකයන්ගෙන්ද වෙන් කල නොහැකිය.

- සිත ප්‍රධානය, චෛතසික අප්‍රධානය.

- සිතෙහි කුසලාකුසල බව ආදිය ඒ සමග යෙදෙන චෛතසික අනුව තීරණය වේ.

- එක සිතක චෛතසික බොහෝ යෙදේ. 

- සෑම චෛතසිකයකටම වෙන් වූ කෘත්‍යයක් ඇත.

සම්පූර්ණ චෛතසික පනස් දෙක (52) කි. 
එක් සිතක යෙදෙන අඩුම චෛතසික ගණන සත (07) කි.
එක් සිතක යෙදෙන වැඩිම චෛතසික ගණන තිස් හය (36) කි.


විවිධාකාර චෛතසික වර්ගයන් ගැන වෙනම ලිපියකින් සඳහන් කරමු.


(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)