- සිතට දැනෙන යමක් වේද එය අර්ථ ලෙස හඳුන්වයි.
ලොව ඇති සියල්ලම අර්ථ වේ.
සිතද සිතට දැනෙන බැවින් එයද අර්ථ වේ.
- අර්ථ, නැවත පරමාර්ථ හා හීනාර්ථ ලෙස බෙදිය හැක.
- පරමාර්ථ නම් සත්‍යය වශයෙන්ම ඇති දේය.
- පරමාර්ථ සියල්ලෝම ක්‍රියාවෝය. අද්‍රව්‍යයය. ශක්ති විශේෂය.
- ලොව ඇති සියල්ල ➜ ද්‍රව්‍ය + ගුණ + ක්‍රියා
●ගුණ - වට සතරැස් දික් කොට ආදී ගුණයන්.
●ද්‍රව්‍ය - ගුණයන්ට ආධාර ස්ථාන වන සත්ත්ව/අසත්ත්ව සියල්ල.
●ක්‍රියා - ද්‍රව්‍යයන්ගේ ඇතිවීම, පැවතීම, සෙලවීම, නැතිවීම.
පරමාර්ථ ධර්ම සතර
- චිත්ත
- චෛතසික
- රූප
- නිබ්බාණ
- හීනාර්ථ යනු සැබෑ ලෙසම නැති දෙය. සම්මුතිය හා ප්‍රඥප්තිය යනුද මෙයටම වේ. ඇඳ, පුටු, මේසය, බසය, බල්ලා, ගින්දර ආදිය හීනාර්ථ සඳහා උදාහරණ වේ.
(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)