සිත යනු 

👉පරමාර්ථ හා අපරමාර්ථ වූ අනෙක දෑ දැන ගැනීම.

👉අරමුණු දැනගැනීමේ ශක්තිය.

👉අරමුණක් ලැබුණු කල්හි ඇතිවන දැනීම.


- සිතට කියන පරියාය නාමයන්: හදය, මනස, විඤ්ඤාණය.

- සිත යනුද ක්‍රියාවකි. එමනිසා කිසිවක් ඉතිරි නොකර නිරුද්ධව යයි.

- සිත අරමුණක් අත්‍යවශ්‍යය වේ. නමුත් ඒ සඳහාද පැවත එක චිත්ත පරම්පරාවක් පැවතීම අත්‍යවශ්‍යය වේ.

- සිත යැයි කියන ආරම්මණ විජානනය චිත්ත පරම්පරාවේ අගින් නැග එන වේගයකි.


සිතක ආයුෂය/ආයු කාලය

- සිතට කාල තුනකි  #උප්පාද(ඉපදීම) #ඨිථි(පැවතීම) #භංග(නිරුද්ධ)

- මේ කාල 3ම සමානය.

- මේ එක් කාලයකට ක්ෂණයක් කියා කියනු ලැබේ (උප්පාදක්ෂණය/ඨිථික්ෂණය/භංගක්ෂණය) 

- එනම් සිතක ආයු කාලය ක්ෂණ තුනකි. එයට චිත්තක්ෂණයක් කියා කියනු ලැබේ.

- අසුරු සැණක් ගහන තරම් කාලයක් තුල සිත් කෝටි ගණනක් පහල වී, පැවති, නිරුද්ධව යයි.


- එක් සන්තානයක, එක් පරම්පරාවක, එකවර සිත් දෙකක් නූපදී.

- එක් සිතක් නිරුද්ධ වූ පසු ඊළඟ සිත පහල වේ (නමුත් මේ පෙර හා පසු සිත අතර කාලයක්/අතරක් නැත)

- අරමුණු බොහෝ රාශියක් වුවද එක් සිතක් ගනු ලබන්නේ එක් අරමුණක් පමණි.

- විශේෂ අරමුණක් නොලත් විට ප්‍රතිසන්ධියට අරමුණු වූ කර්මාදියෙන් එකක් අරමුණු කරගෙන සිත් උපදී (භවාංග සිත්)

- සිත් නූපදින අවස්ථා වන්නේ නිරෝධ සමාපත්තිය හා අසංඥ භූමියේ උපන් කල පමණි.

- සිත් කිසිම විටෙක තනියෙන් උපදින්නේ නැත. තනිව ඉපදීමට තරම් ශක්තියක් සිතට නැත. සිත සමග සම්ප්‍රයුක්ත ධර්ම වන චෛතසික උපදී. 

සිත් උපදින තැන්, සිත පවතින තැන ආදිය ගැන මීළඟ කොටසින්.

(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)