- සිත එක් ස්ථානයක පිහිටා ඇති දෙයක් නොවේ ය.
- සැබෑලෙසම ඇත්තේ සිතක් නොව සිත් පරම්පරාවකි. සිතකට පසුව තවත් සිතක් ලෙස, එක්වරකට එකක් බැගින් ඇතිව පැවත නිරුද්ධව යන නිසා සිතක් ලෙස ව්‍යවහාර කරනු ලැබේ.
- මේ ශරීරයෙන් පිට (බාහිර) සිත් හටගන්නේ ද නැත.
සිත් හටගන්නා ස්ථාන
- සිත පහළවන තැන් හය කි. මේවාට ප්‍රසාද වස්තු යැයි ද කියනු ලැබේ.
- චක්ඛු ප්‍රසාද වස්තු
- සෝත ප්‍රසාද වස්තු
- ඝාණ ප්‍රසාද වස්තු
- ජිව්හා ප්‍රසාද වස්තු
- කාය ප්‍රසාද වස්තු
- හදය වස්තු රූපය
- මේවාගෙන් අරමුණු ඇතුළු කරගන්නා අදහසින් මේවාට "ද්වාර" කියාද කියනු ලැබේ. ➜ චක්ඛු ද්වාරය, සෝත ද්වාරය, ඝාණ ද්වාරය, ජිව්හා ද්වාරය, කාය ද්වාරය, මනෝ ද්වාරය.
- චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය යන ද්වාරයන් ➜ ඇස, කණ, නාසය, දිව, ශරීරය යන තැන්වල පිහිටා ඇත.
- මනෝ ද්වාරය ➜ හෘදය වස්තු රූපයේ පිහිටා ඇත.
👁️රූප දකින සිත් 👉 චක්ඛු ප්‍රසාදයේ
👂ශබ්ද අසන සිත් 👉 සෝත ප්‍රසාදයේ
👃ගඳ/සුවඳ දැනෙන සිත් 👉 ඝාණ ප්‍රසාදයේ
👅රස දැනෙන සිත් 👉 ජිව්හා ප්‍රසාදයේ
🖐ස්පර්ශ දැනෙන සිත් 👉 කාය ප්‍රසාදයේ ද ඇසුරු කරගෙන උපදී.
❤️අනෙකුත් සියලුම සිත් 👉 හදය වස්තු රූපය ඇසුරු කරගෙන උපදී.
සිත පවතින්නේ මොළය තුලද? 🧠
- නූතන බටහිර මනෝ විද්‍යාවට අනුව සිත මොළය නම් අවයවය තුල පිහිටා ඇතැයි අනුමාන කරයි.
- නමුත් ථෙරවාද බෞද්ධ ධර්මයට අනුව සිත් හටගන්නා ස්ථාන සයකි (ඉහතින් දැක්වූ ආකාරයට)
- එයින් බහුතරය හදය වස්තු රූපය ඇසුරේ උපදී.
- භවයේ පළමු සිත හෙවත් ප්‍රතිසන්ධි විඤ්ඤාණයද, භවය පවත්වාගෙන යන්නා වූ භවාංග සිත් පෙළද මේ හදය වස්තු රූපය ඇසුරේ පවතියි.
- මේ හදය වස්තු රූපය පවතින්නේ හෘදය කෝෂය තුල පවතින අඩ පතක් පමණ ලේ ඇසුරු කොට ගෙන වේ.
- එබැවින් සිත/මනස කිසිලෙසකින්වත් මොළය තුල පිහිටා නැත. නමුත් ශරීරයේ ජීව කටයුතු පවත්වාගෙන යෑමට මොළය ද අවශ්‍යය අවයවයක් වේ.
(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)