- සත්ත්වයෙකු යම් භවයක පහල වන විට පළමු කොට සිතක් උපදී. එයට ප්‍රතිසන්ධි සිත යැයි කියනු ලැබේ. එම ප්‍රතිසන්ධි සිතේ පහල වීම ම අදාළ සත්ත්වයා එම භවයේ උපදීම ලෙස හඳුන්වයි.
- පෙර භවයට වර්තමාන භවය සම්බන්ධ වන්නේ 🔗️ එම ප්‍රතිසන්ධි සිත මගිනි.
- පෙර භවයේ මරණාසන්න චිත්ත වීථියට අරමුණු වූ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන එකක් අරමුණු ලෙස ගෙන මෙම ප්‍රතිසන්ධි සිත පහල වේ.
- එම ප්‍රතිසන්ධි සිතේ ආයුෂයද අනෙක් සෑම සිතක් මෙන්ම චිත්තක්ෂණ එකකි.
භවාංග සිත
- ප්‍රතිසන්ධි සිත නිරුද්ධ වනවාත් සමගම ඒ ප්‍රතිසන්ධි සිත ගත් අරමුණම ගනිමින්, ඒ හා සර්වාකාරයෙන්ම සමාන වූ සිතක් පහල වේ. එම සිත භවාංග සිත නම් වේ.
- භවාංග සිත් ද පරම්පරාවක් වශයෙන් සෑම විටම උප්පාද-ඨිති-භංග ලෙස පැවතේ.
- අනෙක් සිතක් නූපදින සෑම අවස්ථාවකම මෙම භවාංග සිත් පෙළ පවතී.
- භව + අංග(හේතුව) ➜ භවයාගේ පැවැත්මට ඉවහල් වන අර්ථයෙන් භවාංග වේ.
- අන් කරුණක් පිලිබඳ සිත් නූපදනා සෑම අවස්ථාවකම, චිත්ත පරම්පරාව නොනැසී පවත්වා ගන්නේ භවාංග සිත් මගිනි.
- ප්‍රකෘති චිත්තය හා මූල චිත්තය ලෙස හඳුන්වන්නේද මේ භවාංග සිතම වේ.
- අන් සෑම සෑම සිතක්ම නැග එන්නේ භවාංග සිත් පරපුරෙනි. එබැවින් වීථි චිත්තය්න්ගේ උපතට හේතු වන බැවින් මනෝද්වාරය කියා ද කියයි.
- භවාංග සිත ඔපයක් වැනි දෙයකි. භවාංග සිතෙහි අරමුණු ගැටීමෙන් අන් සිත් පහල වේ.
- නිදන අවස්ථාවේ පුද්ගල සන්තානයේ ක්‍රියාත්මක වනුයේ භවාංග සිත් වේ. සිහින පෙනීම වන්නේ භවාංග සිතේ අරමුණු ගැටී වීථි සිත් පහල වීමෙන් වේ.
- භවාංග සිත් ද කුසල හා අකුසල ලෙස බෙදා දැක්විය හැක. කුසල අරමුණක් ගෙන උපන් භවාංගය කුසල භවාංග වේ. අකුසල අරමුණක් ගෙන උපන් භවාංගය අකුසල භවාංග වේ.
👉අකුසල භවාංග දුගති සතුන්ට ඇත (තිරිසන්, ප්‍රේත, නිරය, අසුර ආදී)
👉කුසල භවාංග සුගති සතුන්ට ඇත (දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ආදී)
- කුසල භාවාංගය පැහැපත් බැවින්/ශුද්ධ බැවින් වැඩිය. අකුසල භවාංගය අඩුය.
- කුසල භවාංගයේද ශුද්ධ බව ඒ ඒ සත්වයාට අනුව අඩු වැඩිකම් පවතී.
- භවාංග සිත ද විපාක සිතකි.
(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)