- අරමුණු වන සෑම වස්තුවක/ධර්මයක ම ගත හැකි ආකාර බොහොමයක් වේ. (එකම පුටුව විවිධ පැති වලින් විවිධ ආකාරයට දැකිය හැකි සේ)
- යම් අරමුණක ගත හැකි ආකාර සියයක් වේ නම්, සිත එයින් අනුනවයක් හැර එක් ආකාරයක් ගත යුතුය. (එක් සිතකට එක්වරකදී එක් ආරම්මණයක් ගත හැක්කේ එක් ආකාරයකින් පමණි)
ඒකග්ගතා නම්
◉ සිතෙහි ඇති ඒ ආරම්මණයෙහි එක් ආකාරයක පමණක් පිහිටන ස්වභාව වේ.
◉ ඒ ඒ සිත හා සම්ප්‍රයුක්ත චෛතසික ධර්මයන් හා ඒ ඒ සිතත් නොයෙක් අරමුණෙහි විසිර යා නොදී ගත අරමුණෙහි එකඟ කොට තබන ස්වභාව.
◉ අරමුණෙහි සිත පිහිටුවන ස්වභාවය වේ.
- සිත හා සම්ප්‍රයුක්ත චෛතසිකයන් එකම අරමුණක එල්බ සිටිය යුතුය. ඒ සිදුකරන්නේ මේ ඒකග්ගතාව විසිනි.
ඒකග්ගතා චෛතසිකයේ ලක්ෂණ:
උප්පාද ක්ෂණයේ සිට භංගය දක්වා (සිත හා එහි සම්ප්‍රයුක්ත ධර්මයන්)
• අරමුණ අත් නොහැරීම
• එහිම පිහිටීම
• එහිම නවත්වා ගැනීම
• කම්පා නොවීම
- නානාඅරමුණු වෙත නොගොස් එක් අරමුණක පිහිටන ස්වභාව ඒකග්ගතාව ලෙස නොගත යුතුය. එක් අරමුණක ගත හැකි ආකාර වලින් එක් ආකාරයක් මත පිහිටුවන ස්වභාව ලෙස ගත යුතුය.
- සමාධිය යනුද බලවත් ඒකග්ගතාවම වේ.
- මහග්ගත ලෝකෝත්තර සිත් හි සමාධිය වඩා බලවත්ය. කාමාවචර සිත් හි සමාධිය ඊට දුබලය. උද්ධච්ඡ සහගත සිතෙහි සමාධිය වඩා දුබලය.
- අකුසල් සිත් හි ඒකග්ගතාව සමග මෝහය හා උද්දච්ඡ යෙදේ.(මෝහමූල උද්දච්ච සම්ප්‍රයුක්ත සිත)
- උද්ධච්ච හෙවත් නොසන්සුන් බවත් ඒකාග්‍රතාවත් ඒකට ඇතිවන්නේ කෙසේද? ඒකග්ගතාව විසින් (සිත+චෛතසික) අරමුණ අත් නොහැර පවත්වා ගනියි. උද්ධච්චය විසින් (සිත+චෛතසික) කම්පා කොට නොසන්සුන් බව ඇති කරයි. ← මේ කරුණු දෙකම අකුසල් සිතේ එකවර වේ. එම සිත නොසන්සුන් බව ඇති නමුත් අරමුණ අත් නොහරී. (වල ගොඩැලි මාර්ගයේ රථය ගැස්සී ගැස්සී නමුත් ඉදිරියට යන අයුරින්)
- මෙම ඒකග්ගතා චෛතසිකය සබ්බ චිත්ත සාධාරණ වේ.
(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)