දෙවැදෑරුම් ජීවිතෙන්ද්‍රිය
- රූපජීවිතින්ද්‍රිය
- නාමජීවිතින්ද්‍රිය
👉 මේ චෛතසික කතාවේදී නාමජීවිතෙන්ද්‍රිය ගැන කතා කරනු ලැබේ.
- රූප ධර්ම පරම්පරාව කලක් පැවති, ඉන්පසු සිඳී යයි. කල්ප විනාශයේදී හෝ සිඳී යයි.
- චිත්ත සන්තතිය නොහොත් සිත් පරම්පරාව එසේ සිඳී නොයයි. එනම් නිවන් අවබෝධ කොට පිරිනිවෙනා තෙක් සිත් පරම්පරාව නොසිඳී පවතියි. (සිත් උප්පාද, ඨිති, භංග ලෙස සිඳෙමින් නැවත නැවතත් ඉපදෙමින් සිත් පරම්පරාවක් ලෙස පවතියි)
නාම ජීවිතෙන්ද්‍රිය යනු
✦︎ චිත්ත පරම්පරාව නැවත නැවත ජීවත් වන්නා වූ බලය වේ.
✦︎ සිත ද ඒ හා සම්ප්‍රයුක්ත චෛතසිකයන්ද අභාවයට යා නොදී ජීවත් කරන්නාක් මෙන් පවතින ධර්මස්වාභාවය වේ.
✦︎ සිතත්, සම්ප්‍රයුක්ත ධර්මත් නැසෙන්නට ඉඩ නොදී ආරක්ෂා කරන්නා වූ, ජීවිතය දෙන්නා වූ චෛතසිකය වේ.
✦︎ ජීවත් කරවන, ඉන්ද්‍රියභාවයෙහි පිහිටි චෛතසිකය බැවින් ජීවිතින්ද්‍රිය යැයි කියනු ලබයි.
👉 මෙය නොනැසෙන, අමරණීය, ආත්මයක් ලෙස නොගත යුතුය.
- මෙයද අනිත් චෛතසික මෙන්ම සිත සමගම ඉපිද සිත සමගම නිරුද්ධ වේ. එම සිත නොනැසී පවත්වා ගන්නේ මේ ජීවිතෙන්ද්‍රිය මගිනි.
- ඒ ආකාරයෙන් මෙය සෑම සිතක් සමගම පහළවන (සබ්බ චිත්ත සාධාරණ) චෛතසිකයකි.
- පවත්නා අවස්ථාවේදී මෙයින් චිත්ත සන්තතිය පාලනය කරයි.
➤ මේ නාම-ජීවිතෙන්ද්‍රිය උපක්‍රමයෙන් විනාශ කල හෝ නැසිය නොහැක.
රූප ජීවිතෙන්ද්‍රිය පිලිබඳ වෙනම ලිපියකින් සඳහන් කරමු.
(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)