- සිතද ඒ හා සම්ප්‍රයුක්ත ධර්ම වන චෛතසිකද අරමුණු ගැනීම සිහි කරන ආකාරයකින් අරමුණු ගැනීමෙහි යොදවන ධර්මය වේ.
- නොයෙක් අරමුණු වලින් වරකට එකක් පමණක් ගැනීමට සිත සමත් වන බැවින් කැමති අරමුණ පමණක් ගැනීමටත්, අන් අරමුණු වැලක්වීමටත් මෙම මනසිකාර චෛතසිකය උපකාර වේ.
- සිතද සම්ප්‍රයුක්ත ධර්මද කැමති එක් අරමුණකට යොමු කරන්නේ මනසිකාරයයි.
- අරමුණු සිහි කිරීමත් සිත හා එකිනෙක ගැලපීමත් සිදුකරයි.
ආවර්ජන සිත්
- භවාංග සිත් පෙලට වෙනස් වූ නව සිත් පෙළක් ඇතිකරන බැවින් ඒ අර්ථයෙන් ආවර්ජන සිත් වලටද මනසිකාර කියා කියයි.
- නුවණ සමග යෙදි අරමුණු මෙහෙහි කරන විට 👉 යෝනිසෝ මනසිකාරය කියා කියයි.
- නුවණින් තොරව මෙනෙහි කරන විට 👉 අයෝනිසෝ මනසිකාරය කියා කියයි.
(මනසිකාරයට පමණක් යහපත් හෝ අයහපත් ලෙස ආරම්මණ වෙන් කරගැනීමට හැකි ශක්තියක් නැත)
(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)