- සෑම වස්තුවකටම/ධර්මයකටම ඒ ඒ වස්තුව/ධර්මය අන්‍ය වස්තූන්ගෙන්/ධර්මයන්ගෙන් වෙන් වෙන් කොට හඳුනා ගැනීමට උපකාර වන ස්වභාවයක් ඇත.


සඤ්ඤාව යනු

◉ සිතින් ගන්නා අරමුණෙහි ස්වභාව හඳුනාගැනීමට උපකාර වන ගුණය/ස්වභාව සංඥා චෛතසිකය වේ.

◉ ඒ ඒ ආරම්මණයන්හි ලක්ෂණ හඳුනාගන්නා ශක්තිය මෙය වේ.

◉ අරමුණ ලකුණු කරගන්නා ස්වභාවය.


- සංඥාව උපදනා කල එම ගත් අරමුණ නැවත හඳුනාගැනීමට ලකුණක් කොට නිරුද්ධ වෙයි.  නැවත ඇතිවන සිත ඒ ලකුණෙන් අරමුණ හැඳින නැවත ලකුණක් තබා නිරුද්ධ වෙයි. ➜ මේ ආකාරයෙන් නැවත නැවත සංඥාව විසින් අරමුණ ලකුණු කිරීම සිදු වෙයි. ➜ කල්ගතවීමෙන් මෙය අරමුණ ස්ථිරව හැඳිනීමට උපකාර වෙයි.

- මේ සංඥා සමූහයට සඤ්ඤා ස්කන්ධය යැයි කියයි.

- සිත අරමුණ සිතයි. සංඥාව අරමුණ හැඳින ගනියි. සඤ්ඤාව නොවුනේ නම් සිතට අරමුණ හඳුනාගැනීමට නොහැකි වෙයි.

- මේ සඤ්ඤාව (අරමුණු හැඳින ගැනීම) සෑම විටම නිවැරදි ලෙසම සිදු නොවේ. ඇතැම් විට සංඥාව විසින් අරමුණු වැරදි ආකාරයෙන් හඳුනා ගන්නා අවස්ථාද වේ.

- ගත් අරමුණු හඳුනාගැනීමට සෑම සිතකටම මෙම සඤ්ඤා චෛතසිකය අවශ්‍ය බැවින් මෙය සබ්බ චිත්ත සාධාරණ වේ.

- සිත අරමුණ ගැනීමත්, සඤ්ඤාව එම අරමුණ හඳුනාගැනීමත් පෙර-පසු නොවී එක්වරම සිදුවේ.

(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)