- හොඳ බව, නරක බව, මධ්‍යස්ථ බව යන තුනෙන් එක් ස්වභාවයක් සෑම වස්තුවකම ධර්මයකම ඇත. ➜ ආරම්මණ රසය යනු එයයි.
- ඒ ආරම්මණ රසය අරමුණ වසාගෙන පැතිර පවතී. (අරමුණ අනෙකකි, රසය අනෙකකි)
- සිතින් අරමුණ ගන්නා කල ඒ සමගම රසයද ගනියි.
- එම රසය ගැනීම විඳීමකි. එමනිසා එයට වේදනාව යැයි කියයි.
- රසයෙන් තොරව අරමුණක් ඇති නොවන්නා මෙන්, රසය ගන්නා ස්වභාව වූ වේදනාවෙන් තොරව විඤ්ඤාණයක් ඇති නොවේ.
- එමනිසා සබ්බ චිත්ත සාධාරණ වේ.
ආරම්මණයේ රසය වශයෙන් වේදනාව තුන් ආකාර වේ.
- හොඳ ➜ සුඛ වේදනා/සෝමනස්ස වේදනා
- නරක ➜ දුඛ වේදනා/දෝමනස්ස වේදනා
- මධ්‍යස්ථ ➜ උපේක්ෂා
ඉන්ද්‍රිය භේදයෙන් පස් ආකාර වේ.
- සුඛ
- සෝමනස්ස
- දුක්ඛ
- දෝමනස්ස
- උපේක්ඛා
- වේදනාව සිතේ ආකාරයට වෙනස් වේ.
(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)