- හොඳ බව, නරක බව, මධ්‍යස්ථ බව යන තුනෙන් එක් ස්වභාවයක් සෑම වස්තුවකම ධර්මයකම ඇත. ➜ ආරම්මණ රසය යනු එයයි.

- ඒ ආරම්මණ රසය අරමුණ වසාගෙන පැතිර පවතී. (අරමුණ අනෙකකි, රසය අනෙකකි)

- සිතින් අරමුණ ගන්නා කල ඒ සමගම රසයද ගනියි.

- එම රසය ගැනීම විඳීමකි. එමනිසා එයට වේදනාව යැයි කියයි.

- රසයෙන් තොරව අරමුණක් ඇති නොවන්නා මෙන්, රසය ගන්නා ස්වභාව වූ වේදනාවෙන් තොරව විඤ්ඤාණයක් ඇති නොවේ.

- එමනිසා සබ්බ චිත්ත සාධාරණ වේ.


ආරම්මණයේ රසය වශයෙන් වේදනාව තුන් ආකාර වේ.

  1. හොඳ ➜ සුඛ වේදනා/සෝමනස්ස වේදනා 
  2. නරක ➜ දුඛ වේදනා/දෝමනස්ස වේදනා
  3. මධ්‍යස්ථ ➜ උපේක්ෂා


ඉන්ද්‍රිය භේදයෙන් පස් ආකාර වේ.

  1. සුඛ
  2. සෝමනස්ස
  3. දුක්ඛ
  4. දෝමනස්ස
  5. උපේක්ඛා


- වේදනාව සිතේ ආකාරයට වෙනස් වේ.


(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)