↪ සිත අරමුණට නගන-අරමුණ තර්කනය කරන ස්වභාවය වේ.
↪ සිතද සම්ප්‍රයුක්ත ධර්මද අරමුණ කරා පමුණුවන, අරමුණට නංවන ස්වභාව වේ.
↪ එතෙක් නොපැමිණි අරමුණකට සිත පැමිණවීම සඳහා කරනු ලබන උත්සාහය වේ.
- මෙයද සිතට පෙර පසු නොවී සිත සමගම උපදී. සිත නම් ආරම්මණ ග්‍රහණ ක්‍රියාවයි. විතක්කය නම් අරමුණ කරා යාමේ ක්‍රියාවයි.
- කල්පනා කිරීම යයි කියන්නේද මේ විතක්කයටම වේ.
මෙය ධ්‍යානාංගයක් ද වේ.
විතක්ක චෛතසිකය උදාහරණයක් ඇසුරින්
රාජ පුරුෂයෙකු විසින් ගැමියෙකු රජමැදුර වෙත පැමිණවීම.
↪ මෙහි රාජ පුරුෂයා නම් 👉 විතර්කය වේ. ගැමියා නම් 👉 සිත වේ. රජමැදුර නම් 👉 අරමුණ වේ.
↪ පුරුදු වූ කල රාජපුරුෂයා නැතිව වුවද ගැමියා රජමැදුරට පැමිණෙයි.
↪ එමෙන්ම විතක්කය විසින් පුරුදු කරන ලද සිත විතක්කය නැතිව වුවද අරමුණු කරා පැමිණෙන අවස්තා ඇත. (ද්විතීය ධ්‍යාන ආදී සිත්)
- විතර්කය ද්විපඤ්ච විඤ්ඤාණ සිත් 10 හි නොයෙදේ. (රූපාදී අරමුණු චක්ඛු ආදියෙහි ගැටීම නිසා ඒ ඒ ස්ථාන වල විතර්කයේ මෙයයවීම නැතිව උපදී. (ඉතා දුර්වල විපාක සිත් බැවින්)
- එබැවින් ඉතිරි කාමාවචර සිත් 44 මේ විතක්ක යෙදේ.
- ප්‍රථම ධ්‍යාන සිත් 11 යෙදේ. (මාර්ග හා ඵල සිත් 08 + රූපාවචර ප්‍රථම ධ්‍යාන කුසල/විපාක/ක්‍රියා සිත් 03).
- අනෙකුත් ධ්‍යාන සිත් 56 සමග නොයෙදේ.
- තර්කය, සංකල්පය, අප්පණා, ව්‍යප්පණා, ඌහා යනුවෙන් ඒ ඒ අවස්ථාවට අනුව හඳුන්වන්නේද මේ විතක්ක ම වේ.
- ධ්‍යාන සිත් හි යෙදෙන විට අප්පණා, ව්‍යප්පණා ලෙස හඳුන්වයි.
- ලෝකෝත්තර සිත් හි යෙදෙන විතක්කය සම්මා සංකප්ප ලෙස හඳුන්වයි. එය පූර්වභාග මාර්ග ලෙස විදර්ශනා සිත් වල යෙදෙන විටත් සම්මා සංකප්ප ලෙසම හඳුන්වයි.