- කුසල හෝ අකුසල සිත් වන්නේ ජවන සිත් ය.(කුසලාකුසල නොවන ජවන සිත් ද ඇත)

- මේ ජවන සිතෙහි කුසල හෝ අකුසල බව තීරණය වන්නේ ඒ හා යෙදෙන සම්ප්‍රයුක්ත ධර්ම වන චෛතසිකයන් අනුවය.

- අකුසල් සිත්හි අකුසල චෛතසික 14 ඒ ඒ සුදුසු ආකාර වලින් යෙදේ. ජවන් සිත් වල එම අකුසල චෛතසික යෙදුනු කල ඒවා අකුසල ජවන් නොහොත් අකුසල සිත් යැයි හඳුන්වයි. එයිනුත් මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච යන චෛතසික සතර සෑම අකුසල සිතකම යෙදේ. අකුසල් සිත් දොළොස (12) කි.

- කුසල් සිත්හි සෝභන චෛතසික ඒ ඒ සුදුසු ආකාර වලින් යෙදේ.

ජවන් සිත් වල එම කුසල චෛතසික යෙදුනු කල් ඒවා කුසල ජවන් නොහොත් කුසල සිත් යැයි හඳුන්වයි. එහිදී සෝභන සාධාරණ චෛතසික දහ නවය (19) සෑම කුසල සිතකම යෙදේ. #මහා කුසල සිත් අට (08), #රූපාවචර කුසල සිත් පහ (05), #අරූපාවචර කුසල සිත් සතර (04), #ලෝකෝත්තර මාර්ග සිත් සතර (04) යන සිත්  විසි එක (21) කුසල ජවන් වේ.

- ජවන් සිත් 55 න් 22 ක් කුසලාකුසල නොවන අතර ඉතිරි ජවන් සිත් තිස් තුන (33) කුසල හා අකුසල වේ. (අකුසල සිත් 12 + කුසල සිත් 21)


ඒ ඒ සිත් වර්ග නම් වශයෙන් වෙනම ලිපියකින් දක්වමු.

(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)