විපාක යනු?

- මෙහි “වි” යනු අන්‍යොන්‍යය වශයෙන් විරුද්ධ වූ කුසලාකුසලයන් ය. “පාක” නම් මේරීම යන අදහසයි.


විපාක චිත්තය යනු?

කුසල වූ හෝ අකුසල වූ හෝ පෙර උපදින ලද ජවන සිතක් නිසා එම සන්තානයේ පසුව පහල වන්නා වූ ක්‍රියා සාධනය නොකරන්නා වූ මන්ද වේග (අජවන) ඇති චිත්තයන් විපාක චිත්ත නම් වේ.


- කුසලාකුසල ජවන සිතක් පහලව එය නිරුද්ධ වූ පසු ඒ චිත්ත පරම්පරාව හා සම්බන්ධ වී අනාගතයේ ඵල (විපාක සිත්) ඇති කිරීමේ ශක්තියක් ඉතිරි වේ.


- චිත්ත සන්තානය හා බැඳී ඉතිරිව පවත්නා වූ කුසලාකුසල ශක්තිය මේරීමට පැමිණීම් වශයෙන් ඒ සන්තානයේ ඒවාට අනුකූලව චිත්ත චෛතසික පිණ්ඩයන් පහල වේ. ඒවා විපාක සිත් නම් වේ.


- විපාක සිත් අජවනයෝ ය.


උත්සහවත්, අශාන්ත, අනිෂ්ට විපාක ඇතිකරවන බව  අකුසල

උත්සහවත්, ශාන්ත, ඉෂ්ට විපාක ඇතිකරවන බව  කුසල

නිරුත්සහ, ශාන්ත, විපාක ඇති නොකරන බව  විපාක

උත්සහවත්, ශාන්ත, විපාක නොදෙන බව  ක්‍රියා


විපාක සිත් වර්ග 

විපාක සිත් සම්පූර්ණ ගණන තිස් හය (36) කි.

◉ කාමාවචර

   ⤷ අහේතුක කුසල විපාක සිත් - 08

   ⤷ අහේතුක අකුසල විපාක සිත් - 07 

   ⤷ සහේතුක කාමාවචර විපාක සිත් - 08 

◉ රූපාවචර විපාක සිත් - 05

◉ අරූපාවචර විපාක සිත් - 04

◉ ලෝකෝත්තර

   ⤷ ලෝකෝත්තර ඵල සිත් - 04


මේ සිත් ගැන වෙන වෙනම විස්තර වෙනත් ලිපියකින්

(මේ සාරාංශ කල කෙටි සටහනකි. දීර්ඝ පැහැදිලි කිරීම් සඳහා සපයා ඇති මූලාශ්‍ර වෙත පිවිසෙන්න.)