✅ පිළිතුර (Answer)
කාම සේවනය පර සතු දෙය ගැනීමය යනාදියෙහි දොස් නැතැයි මිත්‍යා දෘෂ්ටිය පෙරටු කොට සතුටු සිත් ඇතිව අනුස්සාහිත සිතින් කාමසේවනාදිය කෙරේ ද එකල සෝමනස්ස සහගත වූ දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංඛාරික පළමුවන සිත ද, එසේම සොත්සාහිත සිතින් දෙවැනි සසංකාරික සිතද, දෘෂ්ටිවිප්‍රයුක්ත අසංකාරික සසංකාරික තුන්වන සතරවන් සිත් ද, උපේක්ෂා වේදනා සහිත මෙසේ ම සිත් සතරෙක් දැයි ලෝභ මූල අකුසල් සිත් අට උපදිති.
වේදනාව වශයෙන් ➜ සෝමනස්ස / උපේක්ෂා
දෘෂ්ටි වශයෙන් ➜ සම්ප්‍රයුක්ත / විප්‍රයුක්ත
උනන්දු කරවීම් වශයෙන් ➜ අසංඛාරික / සසංඛාරික
ලෝභ මූල සිත් අට (08)
- සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංඛාරික සිත
- සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංඛාරික සිත
- සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික සිත
- සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංඛාරික සිත
- උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංඛාරික සිත
- උපේක්ෂා සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත සසංඛාරික සිත
- උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංඛාරික සිත
- උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංඛාරික සිත